මයිකල් නිසා 13ක් මරුට
සයුරෙන් එතෙර

මයිකල් නිසා 13ක් මරුට

October 11, 2018   08:46 am

ඇමෙරිකාවේ වයඹ දිග ෆ්ලොරිඩාවට බලපා ඇති “මයිකල්” සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ.

අගංවතුර, ගස් හා ගොඩනැඟිලි කඩාවැටීම් හේතුවෙන් සිදුවූ අනතුරු වලින් මොවුන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

සුළි කුනාටුව හේතුවෙන් ෆ්ලොරීඩාහි පුද්ගලයින් තුන්ලක්ෂ 70,000ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

වසර සියයකට පමණ පසුව ඇමෙරිකාවට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය වන අතර සුළි කුණාටුවත්සමග ඇතිවූ වැසි හේතුවෙන් වයඹ දිග ෆ්ලොරිඩාවේ මුහුදුබඩ නගර කිහිපයක් ජලයෙන් යටවී තිබේ.

මයිකල් සුළි කුණාටුව මේ වන විට ඇලබාමා හා ජෝර්ජියාව දෙසට ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.