මගේ ආරක්ෂාවට ජනතාව ඉන්නවා

මගේ ආරක්ෂාවට ජනතාව ඉන්නවා

September 24, 2018   10:52 pm

තමන්ගේ ආරක්ෂාව වැඩි කරන කිසිඳු ඉල්ලීමක් තමා සිදුකර නොමැති බවත්, තමාට ජනතාවගේ ආරක්ෂාව ඇති බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ හංවැල්ලේ අද(24) පස්වරුවේ පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්ය.

ඝාතනය කිරිම් සම්බන්ධයෙන් තමන් බිය නෙවන බවත් එම තර්ජනවලට බයවී කිසිඳු ක්‍රියාවක් සිදු කළ නොහැකි බවත් ඒ මහතා පැවසීය.

යුද්ධය පැවති සමයේද තමන්ව ඝාතනය කිරිමට ත්‍රාස්තවාදින් උත්සහ කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.