අද දෙරණ YouTube නාලිකාවට ඇගයීමක්

අද දෙරණ YouTube නාලිකාවට ඇගයීමක්

September 18, 2018   04:53 pm

“යු ටියුබ්“ සාමාජික සංඛ්‍යාව ලක්ෂයක් පිරීම නිමිත්තෙන් “යු ටියුබ්“ ආයතන විසින් පිරිනමන ලද "සිල්වර් ප්ලේ බට්න්" (Silver Play Button) අද දෙරණ යූ ටියුබ් නාලිකාව විසින් දිනා ගනු ලැබීය.

මෙවැනි සම්මානයක් ලංකාවේ ප්‍රවෘත්ති නාලිකාවක් දිනාගත් පළමු අවස්ථාව මෙය ලෙස හැඳින්විය හැකියි.

මිට ඉහතදී “ටීවි දෙරණ“ යූ ටියුබ් නාලිකාව විසින් මෙම සම්මානය පසුගිය වසෙර් අප්‍රේල් මාසෙය් දී දිනා ගනු ලැබීය.

දැනට මාස ගණනාවකට ඉහතදී ලාංකේය ප්‍රවෘත්ති මාධ්‍ය ආයතන සතු යූ ටියුබ් නාලිකා අතරින් පළමු වරට සාමාජික සංඛ්‍යාව ලක්ෂයක සීමාව ඉක්මවනු ලැබුවේ අද දෙරණ යූ ටියුබ් නාලිකාවයි.

එම වාර්තාව තව දුරටත්  අලුත් කරමින් අද දවසේත් යූ ටියුබ් සාමාජික සංඛ්‍යාව 169,799 ක සංඛ්‍යාවක් තබා ගනිමින් ලංකාවේ ප්‍රමුඛතම ප්‍රවෘත්ති ටූ ටියුබ් නාලිකාව බවට පත්වීමට අද දෙරණ සමත් වී තිබේ.

ඉදිරියටත් උසස් තාක්ෂණය භාවිතා කරමින් යූ ටියුබ් ප්‍රේක්ෂකයින් වෙත සත්‍යය ප්‍රථමයෙන් ලබාදීම අපගේ අපේක්ෂාවයි.

ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින් අද දෙරණ යු ටියුබ් නාලිකාව වෙත පිවිස අප හා එක්වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.