ජනතාවට පොලීසිය ගැන විශ්වාසය නැති වෙලා

ජනතාවට පොලීසිය ගැන විශ්වාසය නැති වෙලා

September 14, 2018   04:20 pm

 

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ස්වාධීන කණ්ඩායමක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේය.

චෝදනා එල්ල වන ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයා තනතුරෙන් ඉවත් කළ යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

රටේ පාතාලය මෙහෙය වන්නේ පොලීසිය විසින් බවත් ආණඩුවේ නිල නොවන අලුගෝසුවා බවට පාතාලය පත්ව ඇති බවද ඒ මහතා පැවසීය.

ජනතාවට පොලීසිය පිළිබඳ ඇති විශ්වාසය නැති වී ඇති බව මෙම මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.