බල්ලෙකුටවත් කන්න බැරි කජු ජනාධිපතිට දීලා
September 11, 2018 04:24 pm
නේපාලයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණෙන අවස්ථාවකදී ආහාරයට ගත නොහැකි කජු තමාට පිළිගැන්වූ බව ජනාධිපතිවරයා චෝදනා කරයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ(10) පෙරවරුවේ හම්බන්තොට මාගම්පුර රුහුණු ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී හම්බන්තොට ගොවි ජනතාව සමඟ පැවති හමුවකදී ය.
රට තුළ වගා කළ හැකි ආහාර භෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස පාරිභෝගික වාර්තා ඉදිරියට දමමින් පිටරටින් ගෙන්වීම වහාම නතර කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳ බලධාරින්ගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා මෙසේ පැවසීය.
“දැන් මම ගිය සතියේ නේපාලයේ ඉදලා ඉන්දියාවේ ඉදලා ලංකාවට ආවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එද්දි දුන්නා කජු වගයක් කන්න.
වාඩිවෙලා ඉන්න කොට දෙනවනේ එක එක ඒවා කන්න. කජු පීරිසියක් ගෙනත් දුන්නා.බල්ලෙක්ට කන්න බෑ මිනිහෙකුට තියා.
කවුද මේවා අනුමත කරන්නේ, ශ්‍රී ලංකන් ගුවන් සේවය ගේන මිනිහෙකුට තියා සතෙකුට කන්න බැරි කජු කවුද අත්සන් කරලා අනුමත කරන්නේ.
මේ රටේ වගා කරන්න පුළුවන් දේවල් එක එක ඡාවාරම්කරුවන්ට ඕන විදියට පාරිභෝගිකයාගේ තත්ත්වය පිළිබඳ වාර්තාව මේ ගෙන එක නවත්වන්න ඕනේ.“
