ජාලිය වික්‍රමසූරියට යළිත් විවෘත වරෙන්තු
August 27, 2018 02:48 pm
අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(27) පස්වන වරටත් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
එම සැකකරුට ඇප බැඳුම්කර ඉදිරිපත් කර ඇති සැකකරුගේ බිරිඳ සහ ඥාතී දියණියට ද තුන්වන වරටත් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වරෙන්තු නිකුත් කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැඟිල්ලක් මිලදී ගැනිමේදී ශ්‍රී ලංකා රජයට අයත් අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ තිස් දෙදහසක මුදලක් අවභාවිත කළ බවට සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
ජාලිය වික්‍රමසූරිය මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණයේ අවසර මත විදේශ ගතවන අවස්ථාවේදී අමතර ඇපකරයක් ලෙස ඉදිරිපත් කළ ඉඩම රාජසන්තක කරන ලෙස ද ඇපකරුවන් අධිකරණය මගහැර සිටින අය ලෙස ප්‍රකාශ කරන ලෙස ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
නඩුව ඔක්තෝබර් 03 වනදා යළි කැඳවිමට නියමිතයි.
