ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලී පෙරහැර අද

ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලී පෙරහැර අද

August 21, 2018   08:14 am

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලී පෙරහැර අද(21) වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.

අද දිනයේ සිට ලබන 24 වන දින දක්වා රන්දෝලී පෙරහැර වීථි සංචාරය කෙරෙන අතර අවසන් රන්දෝලී පෙරහැර ලබන 25 වන දින  වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඊයේ (20) මහනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේ පෙරහැර නැරඹීමට පැමිනෙන සියලුම ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා ජනතාවගෙන් ඉල්ලිමක් කරමින් පැවසුවේ පෙරහැර නැරඹිමට පැමිණේන විට ගෙන එන පොලීතින් ප්ලාස්ටික් බොතල් වැනි අපද්‍රව්‍ය තමන් සිටින පරිසර අපවිත්‍ර වන පරිදි නොදමා නිවැරදි බැහැර කිරිමේ කටයුතු සිදු කරන ලෙසයි.