බිංගිරියදී කුඩුවලට එරෙහි උද්ඝෝෂණයක්

බිංගිරියදී කුඩුවලට එරෙහි උද්ඝෝෂණයක්

August 18, 2018   01:25 pm

 

කුඩු හා විවිධ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් හේතුවෙන් ගෙදර උයා ගත් බත් මුට්ටියක්වත් තබා ගත නොහැකි තත්වයක්  උදා වී ඇති බව  බිංගිරිය විරපොකුණ ගම්වැසියන් පවසයි .

අද (18) පෙරවරුවේ  විරපොකුණ සති පොළ ඉදිරිපිටදී පැවති උද්ගෝෂණයක් පැවැත් විණි.

මහා සංඝරත්නයේද සහභාගිත්වය ඇතිව විරපොකුණ ,පුහුල්හෙන්වැටිය ,දන්විල, පුවක්ගහකඩවෙල, කිනියම  ඇතුළු ගම්මාන කීපයක ජනතාව මේ උද්ගොෂණයට එක්ව සිටියහ.

තමන් මේ උද්ගෝෂණය කිරීමට ප්‍රධාන හේතුව පොලිසිය මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන් ආරක්ෂා කරමින් ප්‍රදේශයේ මත්ද්‍රවය ජාවාරම 
පාලනය කිරීමට පියවර නොගැනීම බව යැයිද උද්ගොෂකයන් මෙහිදී පැවසුහ .

උද්ගෝෂණය කිරීම වැළැක්වීම සදහා පොලිසිය උත්සහායක් ගත් බවද උද්ගොෂකයන් චෝදනා කළේය.

උද්ගෝෂණය පැවති ස්ථානයට බිංගිරිය  පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රධාන පොලිස් නිලධාරීන් පැමිණි අතර එහිදී  උද්ගොෂකයන් පොලිසිය විවේචනය කරමින් සටන් පාඪ කියමින්  කුඩු ජාවාරම් කරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

පොලීසියට නිතිය කිරීමට නොහැකි නම තමනට නිතිය කල හැකි බවද මෙහිදී උද්ගොෂකයන් පැවසීය.

තමනට ප්‍රදේශයේ මත්ද්‍රවය ජාවාරම මැඩලීම සදහා මාස දෙකක කාලයක්  ලබා දෙන ලෙස මෙහිදී බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසූ අතර ඒ අනුව උද්ගොෂකයන් විසිර ගොස් තිබේ.