UNPයේ සිටි නායකයින් රටට හානි කළේ නෑ

UNPයේ සිටි නායකයින් රටට හානි කළේ නෑ

August 18, 2018   12:29 pm

ඒකාබද්ධ විපක්ෂයේ ඇතමුන් අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කිරීමට උත්සහ කරන බව එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා චෝදනා කරයි.

ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වර්තමායේ කථානායකවරයාටද පර්ලිමේන්තුව තුල කිසිදු ගෞරවයකින් තොරව කටයුතු කරන බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ සිටින සාමාජිකයින් වැඩි හරියක් සිටින්නේ රටේ දෙපළ සහ රටේ  ජනතාවට පිඩා කළ පුද්ගලයන් බවටද මන්ත්‍රීවරයා එහිද චොදනා කළේය.

එක්සත් ජාතික පක්ෂයේ සිටි කිසිදු නායකයෙක් එවැනි රටට හානි කළ දේ සිදු කර නොමැති බවද මන්ත්‍රීවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.