රටේ ආර්ථිකය නිවැරදිව කළ හැකි පුද්ගලයින්ට භාර දෙන්න

රටේ ආර්ථිකය නිවැරදිව කළ හැකි පුද්ගලයින්ට භාර දෙන්න

August 18, 2018   11:47 am

රටේ ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය කළ හැකි පුද්ගලයින්ට එම කටයුතු භාරදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.

ඊයේ(17) කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

කුමක් කලකත් ගෙවුම් ශේෂයේ හිඟය පියවා ගැනිමට නොහැකි නම් තව තවත් රුපියල අවප්‍රමාණය කිරිමේ කිසිදු වාසියක් නොමැති බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

මාධ්‍ය වෙදියෙකු විශේෂ අධිකරණ පිහිටුවිම සම්බන්ධයෙන් නැගු ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ පුද්ගලයින් කිහිපදෙනෙකු ඉලක්ක කර ගනිමින් එම කටයුතු සිදු කරන බවයි.