රාජ්‍ය සේවකයාගේ අවංකභාවය රැකගැනීම කාලීන අවශ්‍යතාවක්

රාජ්‍ය සේවකයාගේ අවංකභාවය රැකගැනීම කාලීන අවශ්‍යතාවක්

August 18, 2018   06:59 am

රාජ්‍ය සේවකයාගේ අවංකභාවය රැකගැනීම කාලීන අවශ්‍යතාවක් බවට පත්වී ඇති බව විගනකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි.


ඔහු පවසන්නේ ජනතා මුදල් අවභාවිතාව අවම කරගැනීම සදහා 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවහල් වූ බවයි.

විගනකාධිපති දෙපාර්තමේන්තුවට අයත්ව තිබු රත්නපුර බටුහේනවත්ත, හිදැල්ලන ප්‍රදේශයේ ගොඩනැගිලි කිහිපයක අයිතිය සබරගමු විශ්ව විද්‍යාලයට පැවරීමේ අවස්ථාවට එක්වෙමින් විගනකාධිපති ගාමිණි විජේසිංහ මහතා මෙම අදහස් පල කළේය.