වැල්ලවාය සපුගොඩ රක්ෂිතයේ ගින්න නිවයි

වැල්ලවාය සපුගොඩ රක්ෂිතයේ ගින්න නිවයි

August 10, 2018   09:14 pm

 

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනපල්ලම ග්‍රාම නිලධාරී වසමේ සපුගොඩ කඳු රක්ෂිතයේ අද (10) දහවල් කාලයේ යලි ගින්නක් හටගෙන තිබේ.

මෙම රක්ෂිතයේ පසුගිය 8 දා ගින්නක් හටගත් අතර එම ගින්න කතරගම නව වන සිංහ රෙජීමේන්තුවේ භට පිරිසක් විසින් නිවා දැමීමට කටයුතු කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

පසුව අද (10) දහවල් කාලයේ එම රක්ෂිතයට නැවතවරක් කිසියම් පුද්ගලයකු ගිනි තබා ඇති අතර එම ගින්න නිසා රක්ෂිතයේ අක්කර විසිපහකට වඩා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

ගින්න මැඩපැවැත්වීම සඳහා බුත්තල යුද හමුදා කදවුරේ යුද හමුදා භට කණ්ඩායමක් පැමින ඇති අතර එම සෙබලුන් විසින් පස්වරුව වන විට ගින්න මැඩපවත්වා තිබේ.

පවතින වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න වේගයෙන් ව්‍යාප්ත වූ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.