වැඩ වර්ජනවලට හේතුව ගැන මහින්දගෙන් හෙළිදරව්වක්

වැඩ වර්ජනවලට හේතුව ගැන මහින්දගෙන් හෙළිදරව්වක්

August 10, 2018   06:26 pm

දුම්රිය වර්ජන ඇතුළු විවිධ අංශවල නිරන්තර වැඩ වර්ජනවලට හේතුව ආණ්ඩුවේ ඇති අකාර්යක්ෂමතාව  බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

බෙල්ලන්විල රජමහා විහාරයේ ඊයේ(10) රාත්‍රි පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ගැටළුවක් ඇතිනම් එය සාකච්චා මඟින් විසඳා ගතයු බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන අතර මේ ගැටළු නිසා මහජනතාව ලොකු කරදරයක වැටී ඇති බව ඒ මහත පෙන්වා දෙයි.

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ වාර්ශික ඇසළ පෙරහැර මංගල්‍යය මේ දිනවල පැවැත්වෙන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ එම විහාරස්ථානයට පැමිණියේය.