පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ නිල නිවස බිඳ බඩු මුට්ටුත් අවුස්සලා

පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ නිල නිවස බිඳ බඩු මුට්ටුත් අවුස්සලා

August 10, 2018   05:05 pm

මීගහකිවුල දිසා රෝහල් භූමිය තුළ පිහිටි පවුල් සෞඛය සේවා නිලධාරිනියකට අයත් නිල නිවසක දොරගුලු කඩා දැමූ කිසියම් අයෙකු එහි කාමරවල තිබූ බඩු මුට්ටු ඇද දමා ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.

මෙම සොරකම අද (10) අලුයම් කාලයේ හෝ ඊයේ (09) රාත්‍රී කාලයේ සිදුවන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

නිල නිවසේ පදිංචි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ඊයේ (09) රාත්‍රී 7.00 ට පමණ නිල නිවසේ දොරගුලු දමා රෝහල් රාත්‍රී සේවය සඳහා පැමිණ ඇති අතර සේවය නිමවා අද උදෑසන යළි නිල නිවස වෙත  යන විට, නිවසේ දොරගුලු කඩා ඇති අයුරු දැක ගන්නට ලැබී ඇත.

නිවසට ඇතුළු වූ සොරුන් නිවසේ කාමරවල තිබූ රෙදි පිළි හා අත් බෑග් ඇඳ දමා ඇති අතර කිසිවක් සොරා ගෙන ගොස් නොමැති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් සිද්ධීය සම්බන්ධයෙන් අදාල පවුල් සෞඛඛ්‍ය සේවා නිලධාරිනිය මීගහකිවුල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය සුජීව අබේවර්ධන මහතාට දැනූම් දීමෙන් අනතුරුව කන්දකැටිය පොලීසියටද පැමිණිලි කර ඇත.

පැමිණිල්ල ලද වහාම අද උදෑසන රෝහල් නිල නිවස වෙත පැමිණි කන්දකැටිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ඒ.ඩී.එස්.ජේ. පෙරේරා මහතා ඇතුලු නිලධාරිහු රෝහල් නිල නිවස වෙත පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම සිද්ධීයට සති තුනකට පමණ පෙරද මීගහකිවුල රෝහලේ වෛද්‍ය නිලධාරිනියකට අයත් නිල නිවසක් සොරුන් විසින් කඩා දැමූ බව මීගහකිවුල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය  සුජීව අබේවර්ධන මහතා පැවැසීය.

සිද්ධීය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිස් අපරාධ අංහය විමර්හණයක් ආරම්බ කර ඇත.