දොඩම්ගස්ලන්දට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයෙක්

දොඩම්ගස්ලන්දට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයෙක්

August 10, 2018   06:42 am

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නුවන් උදයංග මහතා පත් කර තිබේ.

ඒ මහතා ඊයේ(09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද එම අවස්ථාවට එක් විය.