මීදුමෙන් ගමනා ගමනයට බාධා - රිය ධාවනය පරිස්සමෙන්

මීදුමෙන් ගමනා ගමනයට බාධා - රිය ධාවනය පරිස්සමෙන්

July 23, 2018   11:17 am

මධ්‍යම කඳුකරය පුරා මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණයත් සමඟම ප්‍රදේශය පුරා ඝන මිදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට දැඩි බාධා පැමිණ ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අද(23) අලුයම  සිට හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත්, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත්, හැටන් මස්කෙලිය බගවන්තලාව මාර්ගයේත් අවට අතුරු මාර්ග වලත් ගිනිගත්හේන නොටන්බ්‍රිජ් මාර්ගයේත් මෙම ඝන මිදුම් තත්ත්වය පවති.

ඉදිරියට ධාවනය වන වාහනය නොපෙනෙන සේ මෙම ඝන මිදුම් තත්ත්වය පැවතිම නිසා එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදි වාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස ඉවසිමෙන් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.