සියලු ආගම්වල සිඟිත්තන් එක්ව කරපු අපූරු වැඩක්

සියලු ආගම්වල සිඟිත්තන් එක්ව කරපු අපූරු වැඩක්

July 20, 2018   12:07 pm

හැටන් දිලෙනා මුතු පෙරපාසලේ වාර්ෂික සිඟිති ඇසල පෙරහැර අද (20) හැටන් නිග්‍රෝධාරම විහාරස්ථානයේ සිට හැටන් නගරයේ විධි සංචාරය කර නැවතත් එම පෙර පාසලටම පැමිණියේය.

හැටන් ප්‍රදේශයේ  සිංහල , හින්දු , මුස්ලිම් සිඟිත්තන් අධ්‍යාපනය ලබන මෙම පෙර පාසලේ මෙවර ඇසළ පෙරහැර තිස් එක් වන  වතාවට විධි සංචාරය කළේය.

උඩරට , පහතරට , සබරගමුව , කන්ද උඩරට සංස්කෘතියට ආවේනික නර්තනාංග රැසක් මෙම ඇසල පෙරහැරට එක් කරතිබු අතර, සිඟිත්තන්ගේ මෙම ඇසල පෙරහැර නැරඹිමට විශාල පිරිසක් හැටන් නගරයට පැමිණ සිටියහ.