කවුරු විරුද්ධ වුනත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා

කවුරු විරුද්ධ වුනත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා

July 12, 2018   06:55 pm

 

කවර  පාර්ශවයක් විරුද්ධ වුවද මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඔහු  පවසන්නේ මෙම තීරණයට විරුද්ධ වන පාර්ශව රටේ බහුතර ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

මත්ද්‍රව්‍ය උවදුරින් රට බේරා ගැනීම සඳහා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව නිකවැරටිය ප්‍රදේශයේ පැවති “වැව් දහසක්, ගම් දහසක්” සංවර්ධන වැඩසටහනට එක්වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා කියා සිටියේය.

මහා පරිමාන කුඩු ගේන සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට ජනාධිපතිවරයා පවසා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.