බස්නාහිර පළාත් සභා නව ගොඩනැඟිලි සංකීර්ණය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

බස්නාහිර පළාත් සභා නව ගොඩනැඟිලි සංකීර්ණය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

July 12, 2018   05:20 pm

 

බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදි කරන ලද  බස්නාහිර පළාත් සභා නව ගොඩනැඟිලි සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ.

අද (12) පෙරවරුවේ ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, බස්නාහිර පලාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි 13 වෙනි මහලේ පැවති සභාවේ මුලසුන හොබවමින් එහි සමාරම්භය ද සනිටුහන් කර තිබේ.

බස්නාහිර පළාත් සභාවේ සියලු අමාත්‍යංශය සහ ආයතන එකම ගොඩනැගිල්ලක් යටතට ගෙනඑමින් පුළුල් හා කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීමේ අරමුණ සහිතව සියලු පහසුකම් වලින් හා නවීණ තාක්ෂණයෙන් සමන්විතව මෙම ගොඩනැගිලි සංකීර්ණය ස්ථාපිත කර ඇති බව සඳහන්ය.