හබරාදූවේ රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු 23 කට තුවාලයි

හබරාදූවේ රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු 23 කට තුවාලයි

July 12, 2018   03:07 pm

 

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ හබරාදූව, හැදිවත්ත ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (12) උදෑසන කොග්ගල ආයෝජන කලාපයට සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස්රථයක් මෙම අනතුරට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.

බස්රථය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන්  ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්ය.

අනතුරින් තුවාල ලැබූවන් හබරාදූව සහ කරාපිටිය රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසීය.

අනතුරට සම්බන්ධ බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හබරාදූව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.