විජයකලා මන්ත්‍රීවරිය කළ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි

විජයකලා මන්ත්‍රීවරිය කළ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි

July 12, 2018   07:26 am

 

දේශපාලනඥයින් විසින් උතුරට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය  සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රිවරයා පෙන්වාදෙන්නේ අදාළ ප්‍රකාශය බරපතළ ප්‍රකාශයක් බැවින් ඒ පිළිබඳව කඩිනමින් විමර්ශනයක් සිදුකළ යුතු බවයි.

 යාපනය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.