මත්ද්‍ර‍ව්‍ය වැටලීමට 1984 අමතා තොරතුරු ලබාදෙන්න

මත්ද්‍ර‍ව්‍ය වැටලීමට 1984 අමතා තොරතුරු ලබාදෙන්න

June 24, 2018   09:19 pm

 

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා මහජනතාවගෙන් තොරතුරු ලැබීම හේතුවෙන් සාර්ථක වැටලීම් රැසක් පසුගිය කාල තුළ සිදු කිරීමට හැකි වූ බව මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි.

තවදුරටත් 1984 අංකය ඔස්සේ තොරතුරු ලබාදෙන ලෙස ද නියෝජ්‍ය පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාදෙන ජනතාවගේ රහස්‍යභාවය සියයට සියක්ම සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.