ඉහළ දැමු වැට් බදු ඉදිරියේදී යළි සංශෝධනය කරනවා

ඉහළ දැමු වැට් බදු ඉදිරියේදී යළි සංශෝධනය කරනවා

June 24, 2018   06:58 pm

 

ඉහළ දැමු වැට් බදු යළි සංශෝධනය කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැට් බදු ඉහළ දැමීමට හේතුව පවතින අධික ණය බර බවයි.

ජනතාවගේ අදහස් අනුව එම ඉහළ දැමු වැට් බදු යළි සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ගාල්ල වැලිවිටිය දිවිතුර ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළේය.