ජාත්‍යන්තර සඟ සමුළුවේ මෙහෙයුම් කාර්යාලය විවෘත කරයි

ජාත්‍යන්තර සඟ සමුළුවේ මෙහෙයුම් කාර්යාලය විවෘත කරයි

June 24, 2018   01:36 pm

 

ඔක්තෝබර් මාසයේදී ජපානයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සඟ සමුළුවේ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි.

ඒ ශ්‍රි ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි.

ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ විහාරාධිපති තුල්හිටියාවේ ධම්මරතන හිමියන්ගේ සංකල්පයකට අනුව ලොවපුරා වෙසෙන භික්ෂුන් වහන්සේ එකම මණ්ඩපයකට වැඩම කරවා මෙම  සඟ සමුළුව පැවැත්වීමට සැළසුම් කර ඇත්තේ ඔක්තොම්බර් 14 සහ 15 යන දෙදින තුලය.

එහි මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම ශ්‍රි ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී සිදුවූ අතර එම අවස්ථාවට ජපානයේ ශ්‍රි ලංකා තානාපති මහාචාර්ය ගංගානාත් දිසානායක මහතාද එක්ව සිටියේය.