විනය විරෝධී ක්‍රියාවක් නිසා ජෙෆ්රි යළි ගෙදර එවයි

විනය විරෝධී ක්‍රියාවක් නිසා ජෙෆ්රි යළි ගෙදර එවයි

June 24, 2018   01:01 pm


විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට එක්ව සිටින ශ්‍රි ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ යළි දිවයිනට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

එරට දී සිදුකළ බව කියන විනය විරෝධී කටයුත්තක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය විසින් එම තීරණය ගෙන ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙයි.

මැන්චෙස්ටර්හිදී එරට වේලාවෙන් පෙරවරු 11.00ට තරගය ආරම්භ වීමට නියමිතයි.

පැවති තරග 4ම ජයගත් එංගලන්ත කණ්ඩායම 4ට බින්දුවක් ලෙස මේ වන විටත් තරගාවලිය ජයග්‍රහණය කර තිබේ.