වෑන් රථය අඩි 300ක් ප්‍රපාතයේ - 2කට බරපතළයි

වෑන් රථය අඩි 300ක් ප්‍රපාතයේ - 2කට බරපතළයි

June 24, 2018   09:25 am

 

කොළඹ සිට තලවකැළේ ආගරපතන දක්වා ධාවනය වු කුඩා වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300යක පමණ ප්‍රපාතයකට පෙරළී එම වැන් රථයේ  රියදුරා සහ වැන් රථයේ ගමන්ගත් අයෙකු බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කළ බව ලිදුල පොලීසිය පවසයි.

අද(24) අලුයම 1 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ තලවකැලේ ආගරපතන ප්‍රධාන මාර්ගයේ නාගසේන තිස්පනේ ප්‍රදේශයේදීය.

මෙලෙස තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනා ලිදුල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මූලික රෝහල වෙත මාරු කර යැවු බව පොලීසිය සඳහන් කළේය.

ධාවනය වෙමින් තිබු වැන් රථය මාර්ගයේ ඉවතට පැන ප්‍රපාතයේ තේ වත්තකට පෙරළී ඇති බවත්, වෑන් රථයේ රියදුරාට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වී ඇති බවට සැකකරන බව අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන ලිදුල පොලීසිය පැවසීය.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ලිදුල පොලීසිය විසින් සිදුකරයි.