රට පාලනය කළ යුතු පුද්ගලයා ගැන අර්ජුන කියයි 

රට පාලනය කළ යුතු පුද්ගලයා ගැන අර්ජුන කියයි 

June 24, 2018   09:24 am

 

ජනතාව දුෂ්කරතාවයට පත් කරමින් දේශපාලනයේ නිරත වන ඕනෑම අයෙකුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය 

රට පාලනය කළ යුත්තේ හොරකම් නොකරන රටට ආදරය කරන පුද්ගලයෙකු විසින් බවත් ගතවූ අවුරුදු 3 ක කාලය තුළ ජාතීන් අතර සමඟිය ඇති කිරීමට වත්මන් ආණ්ඩුව සමත් වූ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.