මඤ්ඤොක්කා කිලෝ ලක්ෂයක් මිලට ගන්න කෘෂි ඇමතිගෙන් උපදෙස්

මඤ්ඤොක්කා කිලෝ ලක්ෂයක් මිලට ගන්න කෘෂි ඇමතිගෙන් උපදෙස්

June 14, 2018   02:43 pm

 

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන් සතු මඤ්ඤොක්කා කිලෝ ග්‍රෑම් ලක්ෂයක් මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් “හදබිම” අධිකාරියට උපදෙස් ලබාදී තිබේ.

නිසි මිලක් නොලැබීම හේතුවෙන් මඤ්ඤොක්කා ගොවීන් දැඩි අසීරුතාවයට පත්ව ඇති පසුබිමක අමාත්‍යවරයා විසින් මෙම පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේය.

අතරමැදියන් විසින් ගොවීන්ගේ නිෂ්පාදන ඉතා අඩු මුදලට මිලදී ගැනීම වැලැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

අදාළ මඤ්ඤොක්කා තොගය සහන මිලක් යටතේ පාරිභෝගිකයින්ට අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.