රට මත්පැන් සහ දුම්වැටි සමඟ ඉන්දීය ජාතිකයින් 5ක් මාට්ටු

රට මත්පැන් සහ දුම්වැටි සමඟ ඉන්දීය ජාතිකයින් 5ක් මාට්ටු

June 14, 2018   08:14 am

බලපත්‍ර නොමැතිව විදෙස් මත්පැන් සහ දුම්වැටි ලග තබාගත් ඉන්දීය ජාතිකයින් පස් දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් සතුව තිබී විදේශීය මත්පැන් බෝතල් 45ක් සහ විදේශීය දුම්වැටි 2200ක් සොයාගෙන තිබේ.

සැකකරුවන් අද(14) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.