අවශ්‍ය වුනොත් නව පක්ෂයක් බිහි කරන්න අපි සූදානම්

අවශ්‍ය වුනොත් නව පක්ෂයක් බිහි කරන්න අපි සූදානම්

June 14, 2018   07:03 am

 

‍අවශ්‍ය නම් නව පක්ෂයක් වුවද බිහි කිරීමට තම කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනමින් ආණ්ඩුවෙන් ඉවත් කරගැනීම තම කණ්ඩායමේ මූලික අරමුණ බවයි.

පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේ විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.