පස්සර වෙළඳ සැලක ගින්නකින් කාන්තාවන් 3 ක් මරුට

පස්සර වෙළඳ සැලක ගින්නකින් කාන්තාවන් 3 ක් මරුට

June 14, 2018   06:32 am

පස්සර ප්‍රදේශයේ පිහිටි වෙළඳ සැලක් ගිනි ගැනීමෙන් එහි සිටි කාන්තාවන් තිදෙනෙකු  මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ ඊයේ (13) රාත්‍රි අදාළ වෙළඳසැල ගිනිගෙන ඇති බවයි.

ගින්නෙන් වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර එහි කාන්තාවන් තිදෙනෙකු ගින්නට හසුවීමෙන් මියගොස් තිබේ.

ගින්නෙන් මියගොස් ඇත්තේ අදාළ වෙළඳ සැලේ හිමිකරුගේ මව, නැගණිය සහ පුංචි අම්මා බවයි පොලීසිය සඳහන් කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පස්සර පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.