අලව්වේ බස් රථ අනතුරකින් අයෙක් මරුට තවත් 25 කට තුවාලයි

අලව්වේ බස් රථ අනතුරකින් අයෙක් මරුට තවත් 25 කට තුවාලයි

June 13, 2018   10:00 pm

 

අලව්ව කපුවරල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 25දෙනෙකු තුවාල ලබා ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

අද (13) සවස 6.50 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර කදුරුවෙල සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් පුද්ගලික බස් රථයක ගැටී බස් රථ දෙකම මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බස් රථ දෙකෙහිම ගමන්ගත් පුද්ගලයින් 25  දෙනෙකු තුවාල ලබා අලව්ව සහ කුරුණෑගල යන රෝහල් වෙත ඇතුලත් කර ඇති අතර අලව්ව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අලව්ව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.