පාපැදි තරඟයට ආපු විදෙස් පාපැදිකරුවෙක් අතුරුදහන් වෙයි

පාපැදි තරඟයට ආපු විදෙස් පාපැදිකරුවෙක් අතුරුදහන් වෙයි

June 13, 2018   04:33 pm

 

ශ්‍රී ලංකාවේ මේ වන විට අතුරු පාරවල් හි ධාවනය කරමින් පැවැත්වෙන  Rumble in the Jungle  මවුන්ටන් පාපැදි තරඟාවලිය අතරතුරදී  පාපැදි තරඟකරුවෙකු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන්  අද (13) දින සිට එම තරඟාවලිය අත්හිටුවීමට කටයුතු  කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.

මෙම තරඟාවලිය සඳහා සහභාගි වූ විදේශ පාපැදි  කණ්ඩායමේ එක්  සාමාජික පාපැදිකරුවෙකු මෙසේ සොයාගැනීමට නොහැකි වී ඇති අතර  ශ්‍රී ලංකා පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව මේ වන විට එම පාපැදිකරු සෙවීමේ  මෙහෙයුම් දියත් කර ඇති බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. 

“Rumble in the Jungle 2018” තරඟාවලිය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ දිස්ත්‍රික්ක 4 ක් පුරා දර්ශණීය ස්ථාන පසුකරමින් සිදුකරන අභියෝගාත්මක මවුන්ටන්  පාපැදි තරඟාවලිය ජූනි මස 9 වැනිදා සිට ජූනි මස 15 වැනිදා  දක්වා තරඟ කිරීමට නියමිතව තිබිණි.