හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 2 ක් අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 2 ක් අත්අඩංගුවට

May 26, 2018   04:09 pm

 

හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩ, දුටුගැමුණු මාවතේදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසීය.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලි ග්‍රෑම් 540ක ප්‍රමාණයක් පොලීසිය භෘරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සහ 47 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.