වෛරස් උණ රෝගයක් නිසා දකුණු පළාතේ සියලූම පෙර පාසල් හා පාසල් කිහිපය ප්‍රාථමික අංශ හෙට නිවාඩු

වෛරස් උණ රෝගයක් නිසා දකුණු පළාතේ සියලූම පෙර පාසල් හා පාසල් කිහිපය ප්‍රාථමික අංශ හෙට නිවාඩු

May 21, 2018   04:38 pm

දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන කලාප කිහිපයක පාසල්වල ප්‍රාථමික අංශ හෙට(22) සහ අනිද්දා(23) වසා තැබෙන බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මාතර, මුලටියන, අකුරැස්ස, තංගල්ල, වලස්මුල්ල සහ ගාල්ල යන අධ්‍යාපන කලාපයන්හි පාසල් වසා තැබෙන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව පළමු ශ්‍රේණියේ සිට පස් වන ශ්‍රේණිය දක්වා සිසුන්ට හෙට සහ අනිද්දා පාසල් නොපැවැත්වෙන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව දකුණු පළාතේ සියලු පෙර පාසල් සඳහා ද හෙට සිට ලබන සිකුරාදා(25)  තෙක් නිවාඩු ලබාදෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබේ.