ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව ගාල්ලේ ධීවරයෝ අපූරු විරෝධතාවයක

ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව ගාල්ලේ ධීවරයෝ අපූරු විරෝධතාවයක

May 16, 2018   08:46 pm

 

රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව සමස්ත ලංකා පොදු ධීවර සංගමය විසින් සංවිධානය කරන ලද අපුරු පන්නයේ උද්ඝෝෂණයක් අද (16) රාත්‍රී ගාල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිටින් ආරම්භ විය. 

උද්ඝෝෂණයට පැමිණි සියලු දෙනා පන්දම් දල්වා ගනිමින් විරෝධතා පාඨ කියමින් මෙසේ ගාල්ල නගරය පුරා සංචාරය කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ධීවර රැකියා අනතුරේ තෙල් මිල වහා අඩු කරනු, භූමිතෙල් මිල 130% ක් ඉහළට ධීවරයා මුහුදෙන් ගොඩට, දියව් දියව් සහන දියව්, ධීවරයට සහන දියව් යන සටන් පාඨ කියමින් ගාල්ල නගරය පුරා ගමන් කරමින් මෙම විරෝධතාවය පැවැත්විණි. 

පන්දම් දල්වා ගනිමින් ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වු පිරිස ගාල්ල නගරයේ දී රැස්වීමක් ද පැවැත්වීමෙන් පසුව විසිර ගියහ. 

මෙම අවස්ථාව සදහා සමස්ත ලංකා පොදු ධීවර සංගමයේ ජාතික සංවිධායක රත්න ගමගේ ඇතුළු විශාල පිරිසක් සහභාගී වු අතර මෙහි දී අදහස් දැක් වු සමස්ත ලංකා පොදු ධීවර සංගමයේ ලේකම් රත්න ගමගේ මහතා කියා සිටියේ භූමිතෙල් සදහා ඉතා ඉක්මන් පිළිත හැකි විසදුමක් ලබා නොදෙන්නේ නම් සියළුම ධීවරයින් සමඟින් පාරට බැසීමට සුදානම් බවයි.