වසර 9ක මතකයන් අවදි කළ විජයග්‍රහණයේ සැමරුම් උළෙලක් මෙල්බන් නුවර දී

වසර 9ක මතකයන් අවදි කළ විජයග්‍රහණයේ සැමරුම් උළෙලක් මෙල්බන් නුවර දී

May 16, 2018   02:49 pm

2009 යුද ජයග්‍රහණය සනිටුහන් කරමින් රණවිරු සැමරුම් උළෙලක් පසුගියදා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී පැවත්වා තිබේ.

ඒ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. 

LTTE ත්‍රස්තවාදයෙන් මව්බිම මුදවා ගත් වීරෝධාර රණවිරුවන් මෙන්ම ඊට නායකත්වය ලබා දුන් සියලු දෙනාට උපහාර දැක්වීමක් වශයෙන් මෙල්බන් රණවිරු සැමරුම් උළෙල සංවිධාන කර තිබු‍ණේ සුරකිමු ලංකා මෙල්බන් එකමුතුව සංවිධානය විසිනි.

මෙල්බන් නුවර ක්ලේටන් ශාලාවේ පැවති මෙම සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතායි. 

මෙහිදී මව්බිම වෙනුවෙන් මිය ගිය රණවිරුවන් සිහිකර පුෂ්පෝපාහාර දැක්වීමක් ද සිදු කළේය.

ලංකාව තුළ රණවිරුවන් අමතක කර සිටින අවස්ථාවක පිටරටක මෙවැනි සැමරුම පැවතීම අගය කළ යුතු කරුණක් වන බව ද හිටපු හමුදාපතිවරයා මෙහිදී සඳහන් කළේය.