උතුරු කොරියාවෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක්
සයුරෙන් එතෙර

උතුරු කොරියාවෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක්

May 16, 2018   11:39 am

අමෙරිකාව සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා අත්හිටුවන බවට උතුරු කොරියාව අනතුරු අඟවයි.

ඒ අමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව පවත්වන යුද අභ්‍යාස මාලාවකට විරෝධය පල කරමින්ය.

දකුණු කොරියානු නියෝජිතයින් පිරිසක් සමඟ අද(16) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවද උතුරු කොරියාව අවලංගු කර තිබේ.

එරට නිල පුවත් ඒජන්සිය සඳහන් කලේ යුද අභ්‍යාස මාලාව ආක්‍රමණයකට සූදානම් වීමක් බවයි.

එමෙන්ම එය ප්‍රකෝපකාරී ක්‍රියාවක් බවත් උතුරු කොරියාව පෙන්වා දෙයි.

කෙසේ නමුත් අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත සමුළුවේ කිසිදු වෙනසක් සිදුව නැති බවයි.