හැටන්වල කටවුට් සහ වෙළඳ දැන්විම් පුවරු සවි කිරීමේදී මීට පස්සේ නීති දැඩි වෙයි

හැටන්වල කටවුට් සහ වෙළඳ දැන්විම් පුවරු සවි කිරීමේදී මීට පස්සේ නීති දැඩි වෙයි

May 16, 2018   11:17 am

 

කොටගල ප්‍රාදේශීය සභා බල සිමාවේ අවසර ඇතිව හා අනවසරෙන් අවිධිමත් ලෙස සවි කර තිබු දේශාපාලන පක්ෂවල කටවුට් සහ වෙළඳ දැන්විම්  පුවරු ගලවා ඉවත් කල බව එම ප්‍රාදේශිය සභාවේ සභාපති රාජමණි ප්‍රසාද් මහතා පැවසීය.

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පරිසරයට නුසුදුසු අකාරයට සවි කර තිබු දේශපාලන පක්ෂවල විශාල කටවුට් සහ වෙළද ප්‍රචාරක දැන්විම් පුවරු මෙසේ ගලවා ඉවත් කල බව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.

ඉදිරියේදී එම දේශපාලන පක්ෂවල සහ වෙළද සමාගම්වල ආයතන වල අවශ්‍යතාවය පරිදි තම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කටවුට් සහ වෙළඳ දැන්විම් පුවරු ප්‍රදර්ශනය කිරිමට නම් ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමැතිය සහ ප්‍රාදේශිය සභාවේ අනුමැතිය අනිවාර්යෙන්ම ලබ ගත යුතු බව සභාපතිවරයා කියා සිටියි.

එසේ අලුතින් සවි කරන කටවුට් සහ වෙළඳ දැන්වීම් පුවරු මහජනතාවට හිරිහැරයක් නොවන සේ  පරිසර  හිතකාමි ලෙස  ප්‍රදර්ශනය කිරිමට  සුදුසු ස්ථාන මේ වන විට හඳුනාගෙන ඇති බව කොටගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා කියා සිටියේය.

දැනට ගලවා ඉවත් කර ඇති දේශපාලන පක්ෂවල කටවුට් ඔවුන්ගේ කැමැත්ත ඇතිව ගලවා ඉවත් කර බවත් තවදුරටත්  ප්‍රදර්ශනය  කර ඇති ඇතැම්  දේශපාලන පක්ෂවල කටවුට් කඩිනමින් ගලවා ඉවත් කර ගන්නා ලෙස එම පක්ෂ ලේකම්වරුට දැනුන් දුන් බවද  සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.