පාකිස්ථානය සහ අයර්ලන්ත පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසන් දිනය අද

පාකිස්ථානය සහ අයර්ලන්ත පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසන් දිනය අද

May 15, 2018   08:30 am


පාකිස්ථාන කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසන් දිනය අදයි.

ඊයේ(14) දිනයේ තරඟය නිමා වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි අයර්ලන්ත කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 319ක් ලබා සිටියේය.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටින කෙවින් ඕ බ්‍රයන් ලකුණු 118යි.

පාකිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 310ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව අයර්ලන්ත කණ්ඩායමට ලබාදුනි.

ඊට පිළිතුරු ලෙස අයර්ලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 130ක් පමණයි.

ඒ අනුව අයර්ලන්ත කණ්ඩායම මේ වන විට පාකිස්ථාන පළමු ඉනිමට වඩා ලකුණු 139ක් ඉදිරියෙන් පසු වෙයි.