රුපියල් මිලියන 35ක කේරළ ගංජා - හෑෂ් වත්තලින් මතුවෙයි

රුපියල් මිලියන 35ක කේරළ ගංජා - හෑෂ් වත්තලින් මතුවෙයි

April 21, 2018   03:52 pm



වත්තල, හේකිත්ත ප්‍රදේශයේදී රුපියල් මිලියන 35ක පමණ වටිනාකමින් යුතු කේරළ ගංජා සහ හෑෂ් මත්ද්‍රව්‍ය තොඟයක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකාය මඟින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 150ක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02ක්   විශේෂ කාර්යය බලකාය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේය.