මී ගවයින් 14 ප්‍රවාහනය කළ තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට

මී ගවයින් 14 ප්‍රවාහනය කළ තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට

April 21, 2018   10:32 am



මොණරාගල දඹගල්ල පොලිසියට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී නීති විරෝධීව මී ගවයින් දාහතර දෙනෙකු ප්‍රවාහනය කළ ලොරි රථයක් සමගින් සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගවයින් මොණරාගල මැදගම ප්‍රදේශයේ සිට අම්පාර සමන්තුරේ ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කරමින් සිට ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මැදගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලීසිය පවසයි.

කලක සිට සැකකරුවන් ඉතා සූක්ෂමව මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන දඹගල්ල පොලිසිය සිදුකරයි.