එල්ලංගා ගම්මාන ක්‍රමවේදය ලෝක කෘෂිකාර්මික උරුමයක් ලෙස නම් කරයි
April 21, 2018 08:40 am
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ලංකාවේ වියලි කලාපයේ කි‍්‍රයාත්මක වන වැව, කෙත හා ගම ඒකාබද්ධව ගොඩනැගුනු ‘එල්ලංගා ගම්මාන’ ක‍්‍රමවේදය ගෝලීය වශයෙන් වැදගත්වන ලෝක කෘෂිකාර්මික උරුමයක් ලෙස නම්කර තිබේ.
ගෝලීය වශයෙන් වැදගත්වන නව ලෝක කෘෂිකාර්මික උරුමයන් හඳුනාගන්නා ජාත්‍යන්තර සංසදය මඟින් ඉතාලියේ රෝම නගරයේදී පවත්වනු ලැබූ සම්මාන උළෙලේදී ශී‍්‍ර ලංකාවේ ‘එල්ලංගා ගම්මාන’ ක‍්‍රමවේදය මෙසේ සම්මානයට පාත‍්‍රවිය.
අපි‍්‍රයෙල් 19 වන දින රෝමයේ පිහිටි ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේදී මෙම ගෝලීය වශයෙන් වැදගත්වන ලෝක කෘෂිකාර්මික උරුමයන් පිළිබඳ සම්මානය ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් මාරියා හෙලේනා සෙමේඩෝ මහත්මිය විසින් ශී‍්‍ර ලංකාවට පුදකර තිබේ.
ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මෙම ගෞරවාන්විත සම්මානය ලබා ගෙන තිබෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න මහතා විසිනි.
මෙම වසරේදී චීනය, ඊජිප්තුව, ජපානය, කොරියා සමූහාණ්ඩුව, මැක්සිකෝව, පෘතුගාලය, ස්පාඤ්ඤය සහ ශී‍්‍ර ලංකාව යන රටවල නව කෘෂිකාර්මික ලෝක උරුම ස්ථානයන් 13 නම් කෙරිණි.
මෙම නව හඳුනාගැනීම් ද සමඟ රටවල් 20ක් තුල ගෝලීය වශයෙන් වැදගත්වන ලෝක කෘෂිකාර්මික උරුමයන් 50ක් නම්කර ඇත.
ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෙහෙයවන මෙම වැඩසටහන මගින් වටිනා කෘෂිකාර්මික උරුමයන් ආරක්‍ෂාකර ප‍්‍රවර්ධනය කිරීම, ජෛව විවිධත්වය සහ පාරම්පරික දැනුම සංරක්‍ෂණය කිරීම මෙන්ම තිරසර පාරිසරික පද්ධතියක් නිර්මාණය කිරීම අරමුණු කර ඇත.
ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙම කෘෂිකාර්මික ලෝක උරුමයන් යටතට අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ පලුගස්වැව එල්ලංගා ගම්මාන පද්ධතිය ඇතුලත්කර ගන්නා ලෙස පසුගිය වසරේදී කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලදී.
පලුගස්වැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨශය තුල එල්ලංගා පද්ධති 12ක් පිහිටා ඇති අතර ඒවා මල්වතුඔය හා යාන්ඔය ගංගා ද්‍රෝණියන් ඇතුලත පිහිටා ඇත.
එල්ලංගා පද්ධති යනු වියලි කලාපීය භූ දර්ශණයක් තුළ පිහිටි අල්පකාලික දිය දහරා සහිත කුඩා ජලපෝෂක ප‍්‍රදේශයකින් ලබාගන්නා ජලය රැස්කරමින්, හරවා යවමින් සහ ප‍්‍රයෝජනයට ගනිමින් සංවිධානය කරන ලද එකිනෙකට සම්බන්ධ වූ වැව් පද්ධතියක් සහිත ක‍්‍රමවේදයකි. මෙය පෞරාණික, විශාල වශයෙන් ප‍්‍රයෝජනයට ගන්නා ලද අද්විතීය පාරම්පරික කෘෂිකාර්මික පද්ධතියකි. මෙම පද්ධතිය මගින් ගොවිතැන් සඳහා වාරි ජලය, ගම්වැසියන් සඳහා අවශ්‍ය ජලය, සතා සිව්පාවුන් සඳහා අවශ්‍ය ජලය මෙන්ම, පරිසර පද්ධතීන් සඳහා අවශ්‍ය ජලය ද සපයා දෙන ලදී.
ශී‍්‍ර ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදනයට විශාලතම පදනම වන මෙම ග‍්‍රාමීය වැව් කෘෂිජෛව විවිධත්වය, වන සත්ව සහ තුරු ලතාජෛව විවිධත්වය සඳහා සුවිශේෂී උරුමයකට හිමිකම් කියන අතර ස්වාභාවික විපත් සහ දේශගුණික වෙනස්වීම් වලට ඔරොත්තුදෙන අද්විතීය ස්වාරක්‍ෂකයක් ලෙස ද කි‍්‍රයා කරයි.
මෙම වැව් මගින් ජලය රඳවාගැනීම නිසා ජලගැලීම් පාලනය කර ගැනීමට ද, ඒවා වටා ඇති පරිසර පද්ධතිය නිසා ජල හානිය අඩු කරමින් නියගයට මුහුණදීමේ හැකියාව ඇතිකර ගැනීමට ද ස්වාභාවික ආපදාවන්ගේ කම්පනයන් උකහාගැනීමට ද ප‍්‍රායෝගික විසඳුමක් වැව් වලින් සපයන නිසා මෙම පද්ධතියේ ඇති ගෝලීය වැදගත්කම ඉතා ඉහලය. වැව් සහ ජලධාරා ජාලයක් හරහා එක් වැවක සිට තවත් වැවකට ජලය ගලායාමේ ක‍්‍රමවේදය නිසා එල්ලංගා පද්ධතිය කාර්යක්‍ෂම ජල කළමනාකරණය සඳහා මනා දායකත්වයක් සපයයි.
එනමුත්, ගොවීන්ගේ අඩු ආදායම් තත්ත්වය, තරුණයින්ගේ ග‍්‍රාමීයනාගරික සංක‍්‍රමණය, වන විනාශය සහ වැව් හා සම්බන්ධ පාරිසරික පද්ධතීන්ගේ හායනය නිසා එල්ලංගා පද්ධතියේ පැවැත්ම තර්ජනයට ලක්වී ඇත.
දිවයිනේ ආහාර සහ ජීවනෝපාය සුරක්‍ෂිතතාවය පවත්වාගැනීමට සහ ප‍්‍රවර්ධනයට මෙන්ම තිරසර ග‍්‍රාමීය සංවර්ධනය සඳහා මෙම ක‍්‍රමවේදය සුරැකීම අනිවාර්ය වන්නේය.
එල්ලංගා පද්ධතිය සවිබලගැන්වීම සඳහා ශී‍්‍ර ලංකා රජය ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර, මෙම පද්ධතීන් සංරක්‍ෂණය කර සංවර්ධනය කිරිම සඳහා ප‍්‍රධාන සැලැස්මක් පිළියෙල කරමින් පවතී.
පශ්චාත් ගැටුම් අවදියේදී ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක වූ වැව් 200ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ව්‍යාපෘතීන්ගේ එක් වැදගත් අංගයක් වූයේ ‘එල්ලංගා’ පද්ධතියේ පරිසර විද්‍යාත්මක ලක්‍ෂණයන් ප‍්‍රතිස්ථාපනය කිරීමය. 2016 වසරේදී පාරිසරික අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ග‍්‍රාමීය ප‍්‍රජාවගේ සකි‍්‍රය දායකත්වය සහිතව පලුගස්වැව එල්ලංගා පද්ධතියේ ඉහළ ගංගාධාර ප‍්‍රදේශයේ (ගස්ගොම්මන) සහ යටාවත රක්‍ෂිත තීරයේ (කට්ටකඩුව) වන වගා පැල 3000කට
අධික සංඛ්‍යාවක් රෝපනය කරන ලදී.
ශී‍්‍ර ලංකාවේ වියලි කලාපයේ පිහිටි එල්ලංගා ගම්මාන වැනි ගෝලීය වශයෙන් වැදගත්වන ලෝක කෘෂිකාර්මික උරුමයන්, දේශගුණික වෙනස්වීම් සන්දර්භය තුල, ගෝලීය, කලාපීය සහ දේශීය මට්ටමෙන් ආහාර සුරක්‍ෂිතතාවය සහ තිරසර සංවර්ධනය සඳහා දිගුකාලීනව තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ අතර එය ඉදිරියට ද අඛන්ඩව ඉටු කරනු ඇත.