මහ රැජිණගේ ‍විශේෂ භෝජන සංග්‍රහයට ජනපති එක්වෙයි

මහ රැජිණගේ ‍විශේෂ භෝජන සංග්‍රහයට ජනපති එක්වෙයි

April 20, 2018   10:57 pm

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවී සිටින රාජ්‍ය නායකයින් වෙනුවෙන් බි‍්‍රතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජිණ විසින් පිළිගන්වන ලද විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය ඊයේ (19) රාති‍්‍රයේ බකිංහැම් මාලිගාවේ දී පැවැත්විණි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්වූ අතර බි‍්‍රතාන්‍ය මහ රැජිණගේ විශේෂ නියෝජිතයෙකු විසින් එහිදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

ලොව ඉහළ පෙළේ රාජ්‍ය නායකයින් රැසක් මෙම රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය සඳහා එක්ව සිටියහ.