මීටර් නැති ත්‍රීරෝද රථවලට මාස 2ක සහන කාලයක්-මීටර් අනිවාර්ය කිරී‍ම ගැන සංගම් තවමත් කණස්ස‍ල්ලෙන්

මීටර් නැති ත්‍රීරෝද රථවලට මාස 2ක සහන කාලයක්-මීටර් අනිවාර්ය කිරී‍ම ගැන සංගම් තවමත් කණස්ස‍ල්ලෙන්

April 20, 2018   10:04 pm


මගී ත්‍රීරෝද රථ ගමන් ගාස්තු සඳහා මීටර් සහ බිල්පත් අද(20) සිට අනිවාර්ය කෙරුණ ද ත්‍රීරෝද රථ හිමියන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සළසා ගැනීම සඳහා මාස 2 ක කාලයක් ලබා දෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

ත්‍රීරෝද සංගම්වල සහභාගීත්වයෙන් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මීටර් හා බිල්පත් මගීන්ට ලබා දීම තුළින් සෑහීමකට පත්විය යුතු බවත්

මේ නීතිය හඳුන්වා දී මේ සඳහා දිරි ගැන්වීමේ අරමුණින් අද දිනයේ සිට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කරයි.

දඩ කොළ දමා මුදල් එකතු කිරීමේ වැඩපිළිවෙලක් ලෙස මෙය හැඳින්විය නොහැකි බවත්, පිට පළාත්වල ත්‍රීරෝද රථ හිමියන් මීටර සවිකර ගැනීමෙන් අනතුරුව ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බවත් ‍සිසිර කෝදාකොඩ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

‍නමුත් මේ තීරණයට ත්‍රීරෝද සංගම් සිය විරෝධය පළ කරයි.

මීටරය ඉස්සර සිට පැවති බවත් එය නැති කළේ ද මගී ජනතාව බවත් එම සංගම් දොස් පවරයි.