නුවරඑළියේ වසන්ත උදානයේ අයිස් නිර්මාණ තරඟාවලිය

නුවරඑළියේ වසන්ත උදානයේ අයිස් නිර්මාණ තරඟාවලිය

April 20, 2018   11:25 am



ශ්‍රී  ලංකා සුපවේදින්ගේ සංගමය විසින් මේ දිනවල නුවරඑළියේ පැවැත් වෙන වසන්ත උදානයට සමගාමිව පිරිසිදු පානිය ජලයෙන් උපයෝගී කර ගනිමින් අයිස් කැට වලින් සකස් කරන ලද නිර්මාණ තරගාවලියක් ඉකුත් (18) නුවරඑළියේදී පැවැත් විය.

නුවරඑළිය මහ නගර සභවේ පුරපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ග්‍රෑන්ඩ්  හෝටලයේදි පැවති මෙම නිර්මාණ තරඟාවලියට දිවයිනේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් නියෝජනය කරමින් සුපවේදින් ගණනාවක් සහභාගි වු අතර, මෙම නිර්මාණ තරගාවලියේ පලමු ස්ථානය නුවරඑළිය අරලිය ග්‍රීන් සිටි සංචාරක හෝටලය මඟින් හිමි කර ගත් අතර එහි දෙවනි ස්ථානය හම්බන්තොට ශැන්ඩ්රිටලා සංචාරක හෝටලය මගින් හිමි කරගෙන ඇත.

නුවරඑළිය කේන්ද්‍ර කර ගනිමින් මෙවැනි නිර්මාණ තරගාවලියක් පැවැත් වු පලමු අවස්ථාව මෙය වන අතර මෙම අයිස් නිර්මාණ තරඟාවලිය දැක බලා ගැනිමට දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් එදින ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයට පැමිණ සිටියහ.

මෙම අයිස් නිර්මාණ තරඟාවලියෙන් අනතුරුව  ශ්‍රී ලංකික ප්‍රවීණ සුපවේදින් පනස් දෙනෙකු විසින් විශේෂයෙන් සකස් කරන ලද සුප් එකක් පිළියෙළ කර දහසක දෙනෙකුට පිලිගැනිවිමද මෙම තරගවලියට සමගාමිව සිදු කර තිබේ.