තිරසර අනාගතයක් උදාකර ගැනීම ශ්‍රී ලංකාවේ ද ප්‍රධානතම අරමුණක්

තිරසර අනාගතයක් උදාකර ගැනීම ශ්‍රී ලංකාවේ ද ප්‍රධානතම අරමුණක්

April 20, 2018   06:45 am



තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද ප්‍රධානතම අරමුණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස්හිදී ඊයේ(19) පැවති පොදුරාජ්‍ය මණ්ඩල විධායක සභාව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

දූපත් රාජ්‍යක් ලෙස මතු පරපුරෙහි ප්‍රයෝජනය උදෙසා භූමිය, වනාන්තර, ගංගා සහ සමුද්‍රය සදහා තිරසර අනාගතයක් සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව විශේෂ උනන්දුවකින් කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදි ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ ඇත්තේ භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම උපයෝගි කරගෙන ප්‍රාග්ධන උත්පාදන සඳහා විශේෂ අවධානයක් යොමුකරමින් සිටින බවයි.

දරිද්‍රතාවයෙන් මිදීම, රැකියා උත්පාදනය,සමාන්තමතාව ප්‍රවර්ධනය, තිරසර සංවර්ධනය ආදී ඉලක්කයන්ට ළඟාවීම සඳහා මෙරට ජනතාවට සාගර කලාපයේ අවශ්‍ය ප්‍රතිලාභ ලබාදිය හැකි බව ජනාධිපතිවරයා එහිදි පෙන්වා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.