දේශීය වෙළඳපොලේ රත්‍රං  මිල ඉහළ යයි

දේශීය වෙළඳපොලේ රත්‍රං මිල ඉහළ යයි

April 19, 2018   12:42 pm



ආනයනික රත්‍රං සඳහා නව බද්දක් අය කිරිම හේතුවෙන් දේශීය වෙළඳපොලේ රත්‍රං  මිලෙහි ඉහළයාමක් අපේක්ෂා කළ හැකි බව මුදල් අමාත්‍යංශය පවසයි.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ සියයට 15ක ආනයකින බද්දක් ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට අය කිරිමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇති බවයි.

මේ හේතුවෙන් සාමාන්‍ය වෙළඳපොලේ රත්‍රං පවුමක මිල රුපියල් 8000කින් පමණ ඉහලයා හැකි බව මුදල් අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසීය.

මේ අතර රන් ආභරණවල අඩංගු රත්‍රං ප්‍රමාණය නිර්ණය කිරිම ගැටළු සහිත තත්ත්වයක් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් මහේෂ් ගම්මන්පිල මහතා පැවසුවේ විවිධ රන් භාණ්ඩ අලෙවිකරුවන් නිසි ප්‍රමිතියකින් තොරව භාණ්ඩ නිෂ්පාදනය කිරිම සිදු කරන බවයි.