අනතුරකින් 1 ක් මරුට - තවත් 6කට තුවාලයි

අනතුරකින් 1 ක් මරුට - තවත් 6කට තුවාලයි

April 19, 2018   09:23 am



කැකිරාව, තිබ්බටුවැව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

ලොරි රථයක් බස් රථයක් ඉස්සරකර යාමට උත්සහ කිරීමේදී ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ  ලොරි රථයේ රියදුරු ඇතුළු පිටුපස ගමන් ගත පුද්ගලයින් 07 දෙනෙකු බරපතළ තුවාල ලබා මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ උඩුදුම්බර, පොප්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයෙක්ය.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යවා ඇති අතර කැකිරාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.