ජාතික සමඟිය පිළිබඳ සර්ව පාක්ෂික කමිටු රැස්වීමක්

ජාතික සමඟිය පිළිබඳ සර්ව පාක්ෂික කමිටු රැස්වීමක්

April 19, 2018   07:21 am




‍ජාතික සමඟිය පිළිබඳ සර්ව පාක්ෂික කමිටු රැස්වීමක් කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්නවයෙන් අද දිනයේ පැවැත්වීමට නියමිත බව ජාතික සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇති වූ සිද්ධීන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බව මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයේන අද දහවල් පැවැත්වීමට නියමිත බව ද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.